තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වලගම්බා රජුගේ බව කියන කඩුවක් සමඟ 2ක් අත්අඩංගුවට

    වලගම්බා රජුගේ බව කියන කඩුවක් සමඟ 2ක් අත්අඩංගුවට

    මහියංගනය ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක ඇති ගල්තලාවක් බිඳ ගොඩගත්තේ යැයි කියනු ලබන වලගම්බා රජුගේ බව කියන කඩුවක් රුපියල් ලක්ෂ 45කට අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    සති තුනකට පෙර සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රක්ෂිතයේ පිහිටි කළුගල් තලාවක් බිඳ එහි නිධන්කර තිබුණු වලගම්බා රජුගේ බවට අනුමාන කරන නිධන් වස්තු විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ඒ අතර ඇති මෙම කඩුව ඔවුන්ගෙන් දෙදෙනෙක් අලෙවි කිරීමට යාමේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සමනලවැව පුවක්ගහවෙල ප්‍රදේශයේදීය.

    කඩුවත් සමඟ අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img