fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෙටි කෑම මිලත් බහී

    කෙටි කෑම මිලත් බහී

    බේකරි කෑම, කෙටි කෑම මිල ගණන් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් අඩු කර තිබේ .

    ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල ද රුපියල් 10කින් අඩු කෙරුණි.

    තිරිඟු පිටි මිල ද රුපියල් 28කින් අඩු වී ඇති බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.