තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙවර ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක්

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ලබන ඉරිදා (18) පැවැත්වේ.

    මෙවර ශිෂ්‍යත්ව විභාගය 334698 දෙනකු පෙනී සිටින අතර මධ්‍යස්ථාන 2894 කදී එම විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

    මෙවර පළමුවරට ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයට මුලින් පිළිතුරු ලිවීමට සිසුන්ට සිදු වන අතර ඊට පෙරවරු 9.30 සිට 10.45 දක්වා කාලය හිමිවන බවද විභාග කොමසාරිස්වරයා කීය.

    ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15ට ආරම්භ වී දහවල් 12.15ට නිම කරන බව ද ඔහු සඳහන් කළේ ය.

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන අතර ඒ වෙනුවට සිසුන් පැමිණීමේ ලේඛන එක අත්සන් තැබිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img