fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උතුර හැර සෙසු පළාත්වල හරක් මස් - එළුමස් ප්‍රවාහනයට අවසර

    උතුර හැර සෙසු පළාත්වල හරක් මස් – එළුමස් ප්‍රවාහනයට අවසර

    උතුරු පළාත හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක අතර හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අනුමත කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    පසුගිය දින කිහිපයක් තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් 1500කට වැඩි ගණනක් මිය ගියේ අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා මිස කිසිදු වසංගත රෝගයකින් නොවන බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

    එම දිනවල රට තුළ පැවති අධික සීත කාලගුණය හේතුවෙන් ඇතිවූ කම්පන තත්ත්වයන් මත මෙම සතුන් මියගිය බවට පරීක්ෂණ මගින් තහවුරු වී තිබුණි.

    ගවයන් සහ එළුවන් විශාල සංඛ්‍යාවක් හදිසියේ මියයාම හේතුවෙන් මහජන සෞඛ්‍යාරක්ෂාව උදෙසා දිස්ත්‍රික් අතර හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කළේය.

    සබැඳි පුවත්
    ජනපති නියෝගයෙන් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවයි

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.