තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉදිරියේදී විරෝධතා මාලාවක්

    රජයේ වෛද්‍ය නිලධාරින්ගෙන් ඉදිරියේදී විරෝධතා මාලාවක්

    රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නැයි බලකරමින් ඉදිරියේදී දැවැන්ත විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

    ජනතාවට හිතකර සහ සාධාරණ බදු ක්‍රමවේදයක් සකස් කරන්නැයි ඉල්ලමින් වෛද්‍යවරුන් 20,000 කගේ අත්සනින් යුත් සන්දේශයක් ඉදිරියේදී ජනාධිපතිවරයාට භාර දෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    ආණ්ඩුවේ අසාධාරණ සහ අත්තනෝමතික බදු පතිපත්තිය පරාජය කිරීම සඳහා ඉතිහාසයේ දැවැන්තම සහ පුළුල්ව වෘත්තීයවේදීන්ගේ පෙරමුණක් නිර්මාණය කරන බව ද එහි ක්‍රියාකාරීත්වය ප්‍රාදේශීය කමිටු මට්ටම දක්වා පුළුල් කරන බව ද ඒ මහතා කීය.

    වෘත්තිකයින් පීඩාවට පත්කරන සහ සමස්ත පුරවැසියන්ට හානිදායක අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිත බදු සංශෝධනවලට එරෙහිව මහජන මතයක් ගොඩ නැගීම සඳහා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img