fbpx
තවත්
    මුල් පිටුවspecialයුක්‍රේන ජනපතිගේ ඉල්ලීම FIFA ඉවත දමයි

    යුක්‍රේන ජනපතිගේ ඉල්ලීම FIFA ඉවත දමයි

    ලෝක පාපන්දු කුසලානයෙ අවසන් මහා තරගය ආරම්භ වීමට පෙර වීඩියෝ තාක්ෂණයේ ක්‍රීඩා පිටියේ සිටින ප්‍රේක්ෂකයින් අමතමින් තම රටේ තත්ත්වය පැහැදිලි කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා කරනු ලැබූ ඉල්ලීම ලෝක පාපන්දු සම්මේලනය ප්‍රතික්ෂේප කර තිබේ.

    සීඑන් එන් පුවත් සේවය පැවසුවේ යුක්‍රේන ජනාධිතිවරයාගේ කාර්යාලය විසින් අවසන් මහා තරඟයට පෙර කටාර් හි ක්‍රීඩාංගනයේ රසිකයින්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙනී සිටීමට කළ ඉල්ලීමට ලෝක පාපන්දු සම්මේලනය විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් වූ බවයි.

    “අපි හිතුවා FIFA ට එහි වේදිකාව වැඩි යහපතක් සඳහා භාවිතා කිරීමට අවශ්‍ය බව,” සීඑන් එන් පුවත්සේයට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මූලාශ්‍රය පවසා තිබේ.

    කෙසේ වෙතත්, යුක්රේනය සහ ලෝක පාපන්දු සම්මේලනය අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද අදාල මූලාශ්‍රය සීඑන් එන් පුවත් සේවයට වැඩිදුරටත් පවසා ඇත. මේ සම්බන්ධයෙන් සීඑන් එන් පුවත් සේවය ලෝක පාපන්දු සම්මේලනයේ විමසා ඇතත් ඒ සඳහා ප්‍රතිචාර දැක්වූයේ නැති බව එම පුවත් සේවය සඳහන් කරයි.

    පසුගිය කාලය පුරාවටම යුක්‍රේන ජනාධිපතිවරයා විසින් ලොව පැවති ප්‍රධාන පොලේ උත්සය සහ අවස්ථාවලදී ගෝලීය ප්‍රජාව ඇමතීමට කටයුතු කර තිබිණි. එහිදී ඔහු දැඩි රුසියානු විරෝධා මතයත් ලොව පුරා ඇති කිරීමටද උත්සහ කරනු ලබන අයුරු දැක ගැනීමට හැකිවිය.
    ඒ අනුව ජී 20 සමුලුවේ සිට ග්‍රැමී සහ කෑන්ස් චිත්‍රපට උළෙල දක්වා සෑම අවස්තාවකදීම යුක්‍රේන ජනාධිපතිවරයා වීඩියෝ හරහා පෙනී සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.