fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය සේවාව ගෙනියන්න බැරි තරම් අර්බුදයක!

    සෞඛ්‍ය සේවාව ගෙනියන්න බැරි තරම් අර්බුදයක!

    අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත්වල හිඟය හේතුවෙන් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට පත්ව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

    රට පුරා රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍ය, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලවල දැඩි හිඟයක් පවතින හෙයින් සෞඛ්‍ය සේවාව මනා ලෙස පවත්වා ගෙන යාමට නොහැකි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    මීට අමතරව ඖෂධ වෛද්‍ය උපකරණ හා සායනික ප්‍රතික්‍රියකවල උග්‍ර හිඟයක් පවතින හෙයින් රෝගීන්ට ප්‍රතිකාර ප්‍රමාද වීම හා නොලැබීම් බහුල වශයෙන් සිදු වන බවද වෛද්‍ය බණ්ඩාර මහතා කීවේය.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝග තත්ත්වය උත්සන්න වීම, මරණ සංඛ්‍යාව වැඩිවීම රෝගීන්ට වැඩි කාලයක් රෝහල්ගතව සිටීමට සිදු වීම, ඒ නිසා පවුලේ ආර්ථිකයට ගැටලු ඇතිවීම ආදී ප්‍රශ්න ගණනාවක් පැන නැගී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

    මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකළහොත් රටපුරා සෞඛ්‍ය සේවාව කඩා වැටීම නතර කළ නොහැකි බවද වෛද්‍ය බණ්ඩාර මහතා කීවේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.