තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවකවදයක් -තර්ජනයක් ගැන හිමිනමක් රිමාන්ඩ් - තවත් හිමිනමක් සොයයි

    නවකවදයක් -තර්ජනයක් ගැන හිමිනමක් රිමාන්ඩ් – තවත් හිමිනමක් සොයයි

    හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන්ව හෝමාගම පොලීසිය විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ එම විශ්වවිද්‍යාලයේ නවක භික්ෂූන්වහන්සේ නමක් අමානුෂික ලෙස නවකවදයට ලක්කිරීමක් සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට මරණීය තර්ජනය කිරීමකට අදාළව ය.

    පොලිස් ස්ථානයට කැදවා ප්‍රශ්න කිරීමකින් අනතුරුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත.

    තලාවේ ධම්මික හිමි හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර කර තිබේ.

    නවක ශිෂයෙක් වන අහැටුවැවේ බුද්ධරක්ඛිත හිමියන්ට නවක වදය ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය ඹක්තෝබර් 29 වෙනිදා පොලීසියට ලද පැමිණිල්ලක් ලැබී ඇත.

    එමෙන්ම විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ඉලුක්වෙල ධර්මරතන හිමියන් විසින් තමන් වහන්සේට කළ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පසුගිය 06 වෙනිදා කළ පැමිණිල්ලක් මුල්කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව හෝමාගම පොලීසිය කියයි.

    එම පැමිණිලි දෙක සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගමයේ සභාපති මිදෙල්ලෑවේ සිරිරතන හිමියන්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img