fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුදේව අත්අඩංගුවට - පොලිස් ඇප පිට එළියට

    සුදේව අත්අඩංගුවට – පොලිස් ඇප පිට එළියට

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි සුදේව හෙට්ටිආරච්චි මහතා බීමත්ව රිය ධාවනය කිරීමේ චෝදනාවකට අද සවස අත්අඩංගුවට ගෙන මෝටර් රථයද සමගින් පොලිස් ඇප මත මුදාහැර තිබේ.

    ඒ විදෙස් හමුදා ප්‍රධානීන් පිරිසක් ගමන් කරමින් තිබු බස් රථයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ යුද හමුදා යතුරුපැදියකට කටුගස්තොට ප්‍රදේශයේදී ඉස්සර කිරීමට ඉඩනොදීමක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

    දිගින් දිගටම සුදේව හෙට්ටිආරච්චි පැදවූ මෝටර් රථයට සංඥකරමින් මාර්ගයේ ඉඩ ලබාදෙන ලෙසට කළ ඉල්ලීම් තැකීමක් නොකර ගමන් කර ඇති බව පොලීසිය කියයි.

    එහිදී හමුදා යතුරුපැදි නිලධාරීන් සහ සුදේව හෙට්ටිආරච්චි මහතා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවත් පොලීසිය කියයි.

    එහිදී හමුදා නිලධාරීන් සුදේව හෙට්ටිආරච්චි මහතා බීමතින් සිටින බව දැන පොලීසියට ඔහුව භාරදී ඇත.

    එහිදී කළ ඇල්කොහොල් පරීක්ෂාවකින් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    සුදේව හෙට්ටිආරච්චි මහතා සමඟ මෝටර් රථයේ තිදෙනෙක් ගමන්කරමින් සිට ඇති අතර ඔවුන් අතර ගායකයන්ද සිට ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.