fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වනජීවියේ ගිනි අවිය සොරාගෙන මස් වැද්දෙකුට දුන් සිවිල් ආරක්ෂකයින් දෙදෙනා කොටු

    වනජීවියේ ගිනි අවිය සොරාගෙන මස් වැද්දෙකුට දුන් සිවිල් ආරක්ෂකයින් දෙදෙනා කොටු

    විල්පත්තුව කටුපත්වැව පිහිටි වනජීවී බීට්ටු කාර්යාලයේ අවි ගබඩාවෙන් බෝර 12 ගිනි අවියක් සොරාගෙන එම අවිය දඩයක්කාරයෙකුට ලබාදුන් සිවිල් ආරක්ෂක බලකායේ සෙබළු දෙදෙනක්ව වනජීවි ආරක්ෂක නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සිවිල් ආරක්ෂකයින් දෙදෙනා තන්තිරිමලය තම්බිවැව සිවිල් ආරක්ෂක කදවුරේ සිට විල්පත්තුව කටුපත්වැව වනජීවී බීට්ටු කාර්යාලයට අනුයුක්තව රාජකාරි සඳහා යොදවා සිටියදී මෙම සොරකම කර ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.

    ඔවුන් දෙදෙනා විසින් වනජීවී බීට්ටු කාර්යාලයේ අවි ගබඩාවෙන් සොරාගත් බෝර 12 ගිනි අවිය ලබාදී ඇත්තේ නොච්චියාගම කටුපත්වැව පදිංචි සුරේෂ් නැමැති දඩයම්කරුවෙකුටය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.