fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සපුගස්කන්ද පිරිපහදුව හෙට සිට යළි දැල්වේ

    සපුගස්කන්ද පිරිපහදුව හෙට සිට යළි දැල්වේ

    සපුගස්කන්ද පිරිපහදුව හෙට (16) සිට නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

    ආනයනික බොරතෙල් නොමැතිව දින ගනනාවක් මෙම පිරිපහදුව නිෂ්පාදන කටයුතුවලින් බැහැරව සිටියේය.

    දේශීය ඉන්ධන අවශ්‍යතාවයෙන් 40% ක ප්‍රමාණයක් සපුගස්කන්ද පිරිපහදුවෙන් නිෂ්පාදනය කර වෙළඳපොලට නිකුත් කරයි.

    මර්බන් නැමැති ආනයනික බොරතෙල් මෙට්‍රක් ටොන් 90,000 ක් රැගත් නැව කොළඹට සේන්දු වී ඇත.

    එය සපුගස්කන්ද පිරිපහදු ටැංකි සංකීර්ණය වෙන ගොඩබෑමේ සිදුකෙරේ.

    ඉදිරියේදී පිරිපහදු නිෂ්පාදන කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් තවත් බොරතෙල් මෙට්රික් ටොන් 90,000ක් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ද අවසන් කර ඇත.

    දින ගණනාවක් වසා තිබුණ ද ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ නිසි ලෙස නඩත්තු කටයුතු පවත්වාගෙන ගිය හෙයින් ඉදිරියේදී පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි ඛනිජතෙල් සංස්ථාව පවසයි.

    ඒ අනුව, පූර්ණ ධාරිතාවයෙන් යුතුව පිරිපහදු නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඩීසල් මෙට්ටක් ටොන් 1600ක්ද, පෙට්ට්‍රල් මෙට්රික් ටොන් 550ක් ද, භූමිතෙල් හා ගුවන් තෙල් මෙට්ටුක් ටොන් 950ක්ද, ඊට අමතරව දැවි තෙල් හා නැප්තා මෙට්රික් ටොන් 1450 ක් හා 450 ක් වශයෙන් ද LP ගෑස් මෙට්රික් ටොන් 80ක් දේශීය වෙළඳපොළට දිනකට නිකුත් කළ හැකිය.

    පිරිපහදුවෙන්, ඉහළ ප්‍රමිතියෙන් යුතු ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කර බෙදාහැරීම තුළින් විදේශ විනිමය උපයා ගැනීමත්, විදුලි බල මණ්ඩලයේ විදුලි ජනනයට අවශ්‍ය දැවි තෙල් හා නැප්තා අඛණ්ඩව සැපයීමත්, අඩු ආදායම්ලාභී පවුල්වලට හා ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය භුමි තෙල් ප්‍රමාණවත්ව සැපයීම හා රජයේ ගෑස් ආනායනික වියදම් අවම කිරීම මෙන්ම ගෑස් අඛණ්ඩව සැපයීමත් අපේක්ෂාව බව සංස්ථාව කියයි.

    හිඟයකින් තොරව හා නිසි ප්‍රමිතියෙන් යුතු ඩීසල්, පෙට්ට්‍රල් භූමිතෙල් හා ගුවන් තෙල් ඇතුළු සියළුම ඉන්ධන අවශ්‍යතා සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.