fbpx
තවත්
    මුල් පිටුවspecialලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව බංකොළොත් - නිර්මාතෘ අත්අඩංගුවට

    ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව බංකොළොත් – නිර්මාතෘ අත්අඩංගුවට

    ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවක් වන FTX හි නිර්මාතෘ සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් බහමාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට නීතිපතිවරයා පවසා තිබේ.

    බෑන්ක්මන්-ෆ්‍රයිඩ්ට එරෙහිව ගොනු කර ඇති අපරාධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් විධිමත් දැනුම්දීමක් ලැබුණු බවත් ඒ අනුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවත් බහමාස් පැවසීය.

    මෙලෙස ලොව ප්‍රකට ව්‍යපාරිකයෙකු වූ බෑන්ක්මන් අත් අඩංගුවට ගැනීමට හේතු වුයේ ඔහු විසින් නිර්මානය කළ ක්‍රිප්ටෝ මුදල් හවුමාරුව බංකොලොත් වීමයි.

    එහිදී ෆ්‍රයිඩ් විසින් ඉතා ව්‍යාජාව මෙම හුවමාරුව සාර්ථික මට්ටමේ පවතින බවට ප්‍රකාශ කරමින් කටයුතු කර තිබේ. මෙලෙස ව්‍යාජව සිය ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව සාර්ථක බවත් ඒ ඔස්සේ ආයෝජනය කිරීම ඉතා ලාභදාකය බවට පෙන්විමට ව්‍යාජ දත්ත සකස්කර ඇති බවටත් ඔහුට චෝදනා එල්ලවිය.

    කෙසේ වෙතත් පසුගිය මාසයේ FTX එක්සත් ජනපදයේ බංකොලොත් භාවය සඳහා ගොනු කළ අතර, බොහෝ පරිශීලකයින්ට ඔවුන්ගේ අරමුදල් ආපසු ගැනීමට නොහැකි විය.

    එය ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව වූ අතර සෑම දිනකම ඩොලර් බිලියන 10 ක පමණ ක්‍රිප්ටෝ මුදල් හුවමාරු විය.

    මේ අතර මෑත සතිවල සම්මුඛ සාකච්ඡා මාලාවක් සහ ප්‍රසිද්ධියේ පෙනී සිටිමින්, බෑන්ක්මන්-ෆ්‍රයිඩ් සිය ආයතනයේ වැරදි සිදු වූ බව පිළිගෙන ඇති නමුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ චෝදනාවලින් ඈත් වීමට උත්සාහ කළේය.

    “මම කවදාවත් වංචාවක් කිරීමට උත්සාහ කළේ නැහැ,” ඔහු පසුගිය මාසයේ අවසානයේ නිව්යෝර්ක් ටයිම්ස් ඩීල්බුක් සමුළුවේදී පැවසීය.

    පරිශීලකයින් දින තුනකින් මෙම හුමවාරුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් යලි ලබා ගැනීමෙන් පසු නොවැම්බර් 11 වන දින බංකොලොත්භාවය සඳහා FTX අයැදුම් පත් ගොනු කළේය.

    මෙලෙස බංකොලෙත්භායට අයැදුම් කිරීමෙන් පසුව ෆ්‍රයිඩ් FTX හි ප්‍රධාන විධායක තනතුරෙන් ද ඉල්ලා අස් විය.

    කෙසේ වෙතත් පසුගිය මාසයේ උසාවි ගොනු කිරීමකට අනුව, FTX එහි විශාලතම ණය හිමියන් 50 දෙනාට ඇමරිකානු ඩොලර් බිලියන 3.1 කට ආසන්න මුදලක් ගෙවිය යුතු බවට ආවරණය විය.

    මම FTX සමාගමෙ හි බිඳවැටීම ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයන් සඳහා එල්ල වී තිබූ අර්බුදකාරී වසරක් තුළ සිදු විය.

    මෙම වසරේ බිට්කොයින් හි වටිනාකමෙන්ද සියයට හැටකට වඩා අහිමි වී ඇති අතර අනෙකුත් අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් ඒකකද පහත වැටී ඇත.

    ෆ්‍රයිඩ් වරක් ජනප්‍රිය එක්සත් ජනපද ආයෝජකයෙකු වන වොරන් බෆට්ගේ තරුණ අනුවාදයක් ලෙස සලකනු ලැබූ අතර ඔක්තෝබර් අග වන විට ඔහුගේ ශුද්ධ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 15 කට වඩා වැඩි යැයි ඇස්තමේන්තු කර තිබිණි .

    ඔහු වොෂිංටන් ඩීසී හි දේශපාලන කටයුතුවලට විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කළ අයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත් වී සිටියේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.