තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතුන් ජාවාරම ගැන සොයා විමර්ශන කණ්ඩායමක් ඕමානයට

    කතුන් ජාවාරම ගැන සොයා විමර්ශන කණ්ඩායමක් ඕමානයට

    සංචාරක වීසා මගින් ඕමානයට මෙරට කාන්තාවන් නීතිවිරෝධි ලෙස රැගෙන ගොස් මුදලට විකිණිමේ ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඒකාබද්ධ විමර්ශණ කණ්ඩායමක් ඊයේ ඕමානය බලා පිටත්ව ගොස් ඇත.

    මෙම කණ්ඩායම ඕමානයේ රැදී සිටීමට නියමිතව ඇත්තේ දින 05ක පමණ කාලයකි.

    ඕමානයේ පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ අධික්ෂණයේ පවතින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුරක්ෂා නිවසේ මේ වන විට රැදී සිටින විවිධ කරදරයන්ට පත්ව සිටින මෙරට කාන්තාවන් 60කට වැඩි පිරිසකගෙන් මෙම විමර්ශණ කණ්ඩායම මෙහිදී පැමිණිලි සටහන්කර ගැනීමට නියමිතව ඇත.

    පසුගිය ඔක්තෝබර් 04 වෙනිදාද ඕමානය බලා විමර්ශන කණ්ඩායමක් ගොස් තිබුණි. මෙරට කාන්තාවන් ගණුකා වෘත්තියට යෙදවීම සම්බන්ධයෙන් එහිදී විමර්ශන පවත්වන ලදි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img