තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු සතියට ඩෙංගු රෝගීන් 1600ක්

    ගෙවුණු සතියට ඩෙංගු රෝගීන් 1600ක්

    පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1602 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 390 කි.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 272 දෙනෙකු හඳුනාගෙන ඇත.

    ඊට අමතරව පසුගිය සතිය තුළ කල්මුනේ, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කවල ද සීඝ්‍ර ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇත.

    ඒ අනුව මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 68,928 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img