තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වකුගඩු ජාවාරම පිටුපස හිටපු බුද්ධි අංශ ලොක්කෙක්

    වකුගඩු ජාවාරම පිටුපස හිටපු බුද්ධි අංශ ලොක්කෙක්

    රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලක් ආශ්‍රිතව සිදුව ඇතැයි කියනු ලබන වකුගඩු ජාවාරම සම්බන්ධ බව කියැවෙන පොලිස් නිලධාරියා බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ ස්ථානාධිපතිවරයෙක් ලෙස සේවය කර ඇති නිලධාරියෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

    මේ වන විට ඔහු සේවයේ නිරතව සිටින්නේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේය. මෙම නිලධාරියා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

    කලක් මෙම නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කර තිබේ. එහිදී ඔහු බියගම විලේජ් හී හිමිකරුගේ ඝාතන විමර්ශනය යට ගැසීමටද කටයුතුකිරීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් ඉවත්කර තිබේ.

    මෙම නිලධාරියා පොලීසියේ ඉහළ තනතුරුවල සිටින නිලධාරීන් රැසක් සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන අයෙකි.

    මෙතෙක් මෙම නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත්තේ ඒ නිසාදැයි පොලිස් නිලධාරීන් අතර දැඩි සැකයක් මතුවී තිබේ.

    බොරැල්ල පොලිසියට මෙම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි 05ක් ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භකර ඇත.

    මෙම රෝහල ආශ්‍රීතව සිදුකරන වකුගඩු බද්ධ කිරීම්වලට වකුගඩු පරිත්‍යාගශීලීන් මුදලට සපයාදීම කාලයක් තිස්සේ සිදුකරන ජාවාරමක් බවද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මේ ගැන කෙරුණු මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img