තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් බෙදිල්ලේ අලුත්ම තත්ත්වය

    ලීට්‍රෝ ගෑස් බෙදිල්ලේ අලුත්ම තත්ත්වය

    ලබන බදාදා(30) පමණ වනතෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    එමෙන්ම ඉරිදා දිනවල කර්මාන්ත ශාලා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

    ගෑස් මෙට්‍රික්ටොන් 4000 ක් රැගත් නෞකාවක් ලබන බඳාදා ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත ය.

    රට තුළ ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින අතර ඇතැම් ප්‍රදේශවල තරමක පෝලිම් ද දැකිය හැකිය.

    උත්සව සමයේ ගෑස් ඉල්ලුමෙහි වැඩිවීමක් දැකිය හැකි බව ලීට්‍රෝ සමාගම පවසයි.

    එමෙන්ම ඇනවුම් කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම ද ඊට බලපා ඇත.

    නැව් ගොඩබෑමේ ක්‍රියාවලියෙන් පසු සාමාන්‍ය පරිදි ගෑස් බෙදා හැරීම සිදු කරන බව සඳහන් කළේය.

    තවද දෙසැම්බර් මාසය සඳහා LP ගෑස් මෙට්‍රික් ටොන් 34,000ක ඇණවුම් ලබා දී ඇත.

    ට්‍රෝ ගෑස් සමාගම සීමා සහිතව සිලින්ඩර 42,000ක් වෙළෙඳ පොළට බෙදා දී තිබේ.

    දැනට සීමා සහිතව සිලින්ඩර නිකුත් කරන බවද එහි සභාපතිවරයා කීය.

    ලබන බ්‍රහස්පතින්දා දිනයේ සිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000 බැගින් නිකුත් කරන බවද සමාගම කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img