තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයිස් මතින් පිස්සු හැදී තෙවැනි මහලින් දරුවෙක් විසිකර මරාදමලා

    අයිස් මතින් පිස්සු හැදී තෙවැනි මහලින් දරුවෙක් විසිකර මරාදමලා

    අයිස් මත්ද්‍රව්‍ය භාවිතාකර සිහිවිකලෙන් සිටි පුද්ගලයෙක් විසින් සිය සහෝදරියගේ වයස අවුරුදු එකහාමරක් පමණ වන දරුවාව මහල් නිවාස සංකීර්ණයක තෙවැනි මහලින් බිමට විසිකර මරා දමා ඇත.

    ග්‍රෑන්පාස් පොලිස් වසමේ සමගිපුර තට්ටු නිවාස සංකීර්ණය තුළදී මෙම අපරාධය සිදුව ඇත්තේ අද උදෑසන කාලයේදීය.

    “කවුද ඇවිල්ලා මට කියනවා දරුවව විසිකරපන් කියල. ඒ නිසා මම දරුවව විසිකලා“ යැයි සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

    නිවසේ නිදාගෙන සිටි මෙම දරුවාව ඔහු විසින් ජනේලයෙන් පිටතට විසිකරන අවස්ථාවේදී දරුවාගේ පියා උදෑසන ආහාරය රැගෙන ඒමට ගොස් සිට ඇති බවත් මව අසල නිවසකට ගොස් සිට ඇති බවත් පොලීසිය කියයි.

    සැකකරු ඇතුළු එම පවුලේ සාමාජිකයන් 11 දෙනෙක්ම පදිංචිව සිටින්නේ එම නිවස තුළය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img