fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ස්විඩන් කතට වෙරළේදී අතවර කළ 20 හැවරදි තරුණයා අත්අඩංගුවට

    ස්විඩන් කතට වෙරළේදී අතවර කළ 20 හැවරදි තරුණයා අත්අඩංගුවට

    මෙරට සංචාරයක් සදහා පැමිණ සිටින ස්විඩන් ජාතික කාන්තාවකට දික්වැල්ල පෙහෙඹිය වෙරළ තීරයේදී බරපතල ලිංගික අපයෝජනයක් කළ තරුණයෙකුව දික්වැල්ල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    වෙරළ තීරයේ රැදී සිටි එම කතට එම හිංසනය සිදුව ඇත්තේ පෙරේදා සවස් කාලයේදීය.

    ඇය මේ ගැන එදිනම පොලීසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව විමර්ශන පැවැත්වූ දික්වැල්ල පොලීසිය ඇයට ඒ අපරාධය කළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අවුරුදු 20ක් වයසැති දික්වැල්ල ඌරුගමුවේ පදිංචිකරුවෙකි.

    මෙම සැකකරු සිය මිතුරන් කිහිප දෙනෙක් සමඟ බීමත්ව වෙරළේ රැදී සිටිමින් මෙම අපරාධය කර ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.