fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට නිෂ්පාදිත ගිනි අවි 05ක් සමඟ 05ක් අල්ලයි

    මෙරට නිෂ්පාදිත ගිනි අවි 05ක් සමඟ 05ක් අල්ලයි

    මෙරට නිශ්පාදිත ගිණි අවි 05 සමග පුද්ගලයන් පස්දෙනෙකු වාකරේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වාකරේ පොලිස් වසමට අයත් ඌත්තමඩිහේන ප්‍රදේශයේ දී ඊයේ (22) කළ වැටලීමකදී මෙම ගිනි අවි 05 හමුවී ඇත. මෙම ගිනි අවි සතුන් දඩයම් කිරීමට සකස්කර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    වාකරේ කදිරවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ත් 50 ත් අතර පසුවන්නන්ය.

    විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීමකර තිබේ.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කලාප භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී රිල්වාන් මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ කඳවුර දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පි. ධනපාල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.