තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාරිය අතහැර ඉස්කෝලේ ගිය ගුරුවරියෝ

    සාරිය අතහැර ඉස්කෝලේ ගිය ගුරුවරියෝ

    දිවයිනේ පාසල් ගණනාවක සේවය කරන ගුරුවරියන් බොහොමයක් අද(21) දින සාරිය නොමැතිව වෙනත් පහසු ඇඳුම්වලින් පාසලට ගොස් උග්වන වන බවට වාර්තා වේ.

    එම ගුරුවරියන් සමාජ ජාල තුළ තමා පහසු ඇඳුමකින් පාසල් ගොස් සිටින ඡායාරූප මුදාහරිමින් හෙට සිට සෙසු ගුරුවරියන්ට ද එය අනුගමනය කර මෙම තීරණයට එක්වන්නැයි ඇරයුම් කර ඇත.

    පවතින ආර්ථික අපහසුතා හමුවේ සාරිය වැනි ඇඳුමක් මිලදී ගැනීම අසීරු වී ඇතැයි ගුරුවරියන්ගේ චෝදනාවයි.

    කෙසේවෙතත් මෙම ඇඳුම වෙනස් නොකරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් ද කර තිබුණි.

    සමාජය තුළ මහතත් කතාබහට ලක්ව ඇති මෙම සාරිය පිළිබඳ ප්‍රශ්නයට විවිධ පාර්ශ්වයන් විසින් අදහස් දක්වමින් සිටී.

    දේශපාලකයන්, රජයේ නිලධාරීන්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන මෙන්ම සමාජයේ බොහෝ දෙනා ප්‍රසිද්ධියේම ‘ගුරුවරිය සාරිය අත්හැරීම’ පිළිබඳ පක්ෂව හා විපක්ෂව අදහස් පළකරති.

    පහත දක්වා ඇත්තේ අද දින සිට සාරිය අතහැරීම සම්බන්ධයෙන් සමාජ ජාලය තුළ සංසරණය වූ ප්‍රචාරණයකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img