තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර පාරෙන් යවා මැදපෙරදිගට කතුන් විකුණූ ජාවාරම්කරු රිමාන්ඩ්

    හොර පාරෙන් යවා මැදපෙරදිගට කතුන් විකුණූ ජාවාරම්කරු රිමාන්ඩ්

    ශ්‍රී ලාංකික කාන්තාවන් නීතිවිරෝධී ලෙස ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි මැදපෙරදිග රටවලට නීතිවිරෝධී ලෙස යැවූ මිනිස් ජාවාරම් වළල්ලේ ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන අද අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ අනුව සැකකරු නොවැම්බර් 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබනු ඇත.

    44 හැවිරිදි මෙම සැකකරු අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

    පසුව ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණි.

    මැදපෙරදිග රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ඕමානයට රැගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් වංචනික ලෙස වෙන්දේසි කරන මහා පරිමාණ මිනිස් ජාවාරම් කල්ලියේ තවත් තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අනාවරණය කරගෙන තිබුණි.

    ඕමානයේ අතරමංව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img