තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝප් -කෝපා -රජයේ මුදල් කාරක සභාවට අලුත් සාමාජිකයන් නම් කෙරේ

    කෝප් -කෝපා -රජයේ මුදල් කාරක සභාවට අලුත් සාමාජිකයන් නම් කෙරේ

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරකසභාවල සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරන ලද නව සාමාජික මන්ත්‍රීවරුන් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබේ.

    මේ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා (කෝප්) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර මහතා සහ (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා නම් කොට තිබේ.

    එසේම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර මහතාගේ සහ වේලු කුමාර් මහතාගේ නම් කථානායකවරයා විසින් නිවේදනය කරන ලදි.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා සහ යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා නම් කොට ඇති බව ද කථානායකවරයා නිවේදනය කළේය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img