තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් කතට පහරදී මරණීය තර්ජනය කළ කොස්තාපල් සැමියා අත්අඩංගුවට

    පොලිස් කතට පහරදී මරණීය තර්ජනය කළ කොස්තාපල් සැමියා අත්අඩංගුවට

    මොණරාගල කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ සේවයේ නිරතව සිටින කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පහරදී මරණිය තර් ජනය කළ බව කියන ඇගේ සැමියා වන පොලිස් නිලධාරියෙකුව මොණරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය පොස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.

    පොලිස් කාන්තා නිලධාරිනිය විසින් ඇගේ සැමියා වන පොලිස් නිලධාරියා තමාට අමානුෂික ලෙස පහරදෙමින් මරණ තර් ජනය කරන කරන බවට පසුගිය පෙරේදා (17) මොණරාගල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම නිලධාරිවයාව ඊයේ මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img