තවත්
    මුල් පිටුවspecialඋ.කොරියානු නායකයා බලැස්ටික් මිසයිල සමඟ සිටින ඡායාරූප නිකුත්වෙයි

    උ.කොරියානු නායකයා බලැස්ටික් මිසයිල සමඟ සිටින ඡායාරූප නිකුත්වෙයි

    උතුරු කොරියානු නායකයා බැලැස්ටික් මිසයිල මුදා හරින ස්ථානයේ සිය දියණිය සමඟ සිටින ඡායාරූපයක් ඇතුළු ඡායාරූප කිහිපයක් ජාත්‍යන්තර මාධ්‍යට නිකුත් වී තිබේ.

    නිශ්චිත දිනයක් සහිතව නිකුත් නොවුණ ද මෙම ඡායාරූප අවසන් වරට ඊයේ (18) පරීක්ෂාවට ලක්කළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සමඟ ගත් ඒවා බවට යුද විශ්ලේෂකයෝ සැක පහළ කරති.

    අමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම තර්ජන එල්ල කරන්නේ නම් “න්‍යෂ්ටික අවි සහිත න්‍යෂ්ටික ප්‍රහාරවලට සහ සම්පූර්ණ ගැටුමකට මුහුණ දීමට අධිෂ්ඨානශීලීව ප්‍රතිචාර දක්වන්න,”යැයි උතුරු කොරියානු නායක කිම් ජොං-උන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත.

    කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) වාර්තාවලට අනුව උතුරු කොරියානු නායකයා ඔහුගේ දියණිය සහ බිරිඳ සමඟ මෙම දියත් කිරීමට සහභාගී වී තිබේ.

    එරට රාජ්‍ය මාධ්‍ය විසින් කිම්ගේ දරුවන් ගැන සඳහන් කිරීම අතිශයින් දුර්ලභ අතර මෙය ඔහුගේ දියණියගේ පළමු නිල තහවුරු කිරීම්වලින් එකක් ලෙස විශ්වාස කෙරෙන බව යුද විශේෂඥයෝ පවසති.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img