තවත්
    මුල් පිටුවspecialරුසියාවේ නෝඩ් ස්ට්‍රීම් නල පද්ධතිය පුපුරුවලා

    රුසියාවේ නෝඩ් ස්ට්‍රීම් නල පද්ධතිය පුපුරුවලා

    රුසියාවේ සිට යුරෝපා කළාපයට ප්‍රධාන වශයෙන් ගෑස් සැපයීම කළ නෝඩ් ස්ට්‍රීම් නල පද්ධතියේ සිදුවූ පිපිරීම කඩාකප්පල් ක්‍රියාවක් බවට සනාථ වන බව ස්වීඩනය පවසයි.

    ඒ අනුව තම විමර්ෂණ කණ්ඩායම් විසින් දීර්ඝ වශයෙන් කළ පර්යේෂණවලින් අදාල නල පද්ධතියේ ඇති වූ හදිසි පිපිරීම ගෑස් නල පද්ධතිය බිද දැමීමට කළ පිපිරීමක් බවට සාක්ෂි සහිතව සනාථ වී ඇති බව ස්වීඩන් බලධාරීණ් අවධාරණය කරයි.

    ස්වීඩනය සමග අදාල නල පද්ධතියේ සිදුවූ පිපිරිම සම්බන්ධයෙන් ඩෙන්මාර්කය එක්ව සිටි අතර එහිදී මේ සම්බන්ධයෙන් අධි තක්ෂණික උපකරණ සහ නවීන විමර්ශණ ක්‍රමවේද යොදා ගැනීම සිදුවිය. මෙම නල පද්ධතිය සම්බන්ධයෙන් කළ මූලික පර්යේෂන වලදී ඩෙන්මාර්කය විසින් අදාල නල පද්ධතිය බිද වැටීම පිපිරීමකින් සිදුවූ බවට මීට පෙර අනාවරණය කළේය.

    ස්වීඩන් බලධාරීන් පවසන අන්දමට මෙම කඩාකප්පල්කාරී පිපිරීම සිදුකළ පාර්ශවය කවරෙක්ද යන්න තවමන් සනාථ කර ගැනීමට නොහැකි වීතිබේ. ඒ අනුව එම පිපිරීම සිදුකළ පාර්ශවයන් කවරෙක්ද යන්න සනාථ කර ගැනීමට වැඩිදුරටත් විමර්ශන කරන බවද ස්වීඩන් බලධාරීණ් සඳහන් කරයි.

    ඉකුත් සැප්තැම්බර් 26 වැනිදා මෙම නල පද්ධතියෙන් ගැස් කාන්දුවීමක් වාර්තා වූ අතර එම කාන්දුවීමත් සමඟ නලපද්ධතියෙන් ගෑස් සැපයීම නවතා දැමීමට සිදුවිය.

    නල පද්ධතිය බිද වැටීමත් සමඟ එම නල පද්ධතියෙන් සෘජුවම ගෑස් ලබා ගැනීම සිදුකළ ජර්මණිය දැඩි අභියෝගයට මුහුණ දෙනු ලැබීය. මේත් සමගම යුරෝපා කළාපයේ බලශක්තිය සම්බන්ධයෙන් දැඩි අභියෝගයක් නිර්මාණය විය.

    අදාල නල පද්ධතිය බ්‍රිතාන්‍ය නාවික හමුදා මැදිහත්වීම මත පුපුරා හැරීම සිදුකළ බව රුසියාව ඉකුත් මාසයේදී චෝදනා එල්ල කළද ඒ බව සනාථ කිරීමට රුසියාව විසින් සාක්ෂි ඉදිරිපත් කිරීමට අපහොසත්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img