තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙලේ සුදාගේ සහෝදරයා ගිනිඅවියක් සමඟ අල්ලයි

    වෙලේ සුදාගේ සහෝදරයා ගිනිඅවියක් සමඟ අල්ලයි

    මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් මරණිය දණ්ඩනය නියමවී බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින වෙලේ සුදා නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ සහෝදරයාව බොර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    සුනිල් කුමාර නොහොත් තාජු නැමැති ඔහුට ද එරෙහිව මත්කුඩු නඩු කිහිපයක්ම අධිකරණයේ විභාග වෙමින් ඇතැයි පොලිසිය කියයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නඩු 02කටද ඔහු මේ වන විට සිටින්නේ වරෙන්තු පිට බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෙම ගිනි අවිය ඔහු ළඟ තබාගෙන සිට ඇත්තේ යම් අපරාධයක් කිරීමේ චේතනාවෙන් වියැ හැකි බව පොලීසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img