fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රීලංකන් ගුවන් සමාගමේ Global Sales සමුළුවට ජාත්‍යන්තර සංචාරක වෙළඳ හවුල්කරුවන් ශ්‍රී ලංකාවට

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Global Sales සමුළුවට ජාත්‍යන්තර සංචාරක වෙළඳ හවුල්කරුවන් ශ්‍රී ලංකාවට

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් සමුළුව 2022 (Global Sales Conference) සඳහා සහභාගී වන ආරාධිතයින් යුරෝපය, මැද පෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, ආසියා-පැසිෆික් කලාපය, සහ ඕස්ට්‍රෙිලියාව ඇතුළු ගුවන් සේවයේ ගුවන් ගමන් ජාලය හරහා මේ වන විට දිවයිනට පැමිණීම ආරම්භ කර තිබේ. ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්‍යාවක් සහ ලොව පුරා ගුවන් සේවය නියෝජනය කරන ගුවන් සමාගමේ සාමාන්‍ය විකුණුම් නියෝජිතයින්ගෙන් (GSAs) මෙම ආරාධිතයින් පිරිස සමන්විත වේ.

    ඒ අනුව, මෙම සමුළුව 2022 නොවැම්බර් 18 වන දින Aliya Resort and Spa හි පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සමුළුවට සහභාගී වීමට පෙර පැමිණෙන නියෝජිතයින් තෝරා ගන්නා ලද ගමන් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ විශේෂිත සංචාරක ස්ථාන කිහිපයකම ගවේෂණයට එක්වනු ඇත. සම්මන්ත්‍රණයෙන් පසුව ඊළඟ දිනයේ දී දේශීය සංචාරක ක්‍රියාකරුවන් සහ ගමනාන්ත කළමනාකරණ සමාගම් (DMCs) ව්‍යාපාරික සහ සහයෝගීතා අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දිවයිනට පැමිණි නියෝජිතයින් හමුවීමට නියමිතව ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය “ජාතික ගුවන් සේවය වශයෙන්, සංචාරක ව්‍යාපාරය ප්‍රකෘතිමත් කිරීමටත් ඒ සඳහා සහය දැක්වීමත් අපගේ අරමුණයි. අපගේ ගුවන් ගමන් ජාලය හරහා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සංචාරකයින් පිළිගැනීමට ඇති සූදානම යලි තහවුරු කිරීම සඳහා මෙවැනි කාලෝචිත මුලපිරීම ආරම්භ කර තිබෙනවා. අපගේ විශ්වාසවන්ත සංචාරක වෙළඳ හවුල්කරුවන් මෙම පණිවිඩය ඔවුන්ගේ රට වෙත ගෙන යනු ඇති අතර ඔවුන්ගේ අදාළ වෙළඳපලවලින් ශ්‍රී ලංකාවට සංචාර දිරිගැන්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ වගේම දේශීය සංචාරක ක්‍රියාකරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් අපි සතුටු වෙනවා. දැනටමත් , හමුවීම් 400 කට වැඩි ප්‍රමාණයක් වෙන්කරවා ගෙන ඇති අතර, ඉදිරි දිනවලදී එම සංඛ්‍යාව වර්ධනය වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙරට ප්‍රධාන පෙළේ ආගන්තුක සත්කාර සහ සංචාරක හවුල්කරුවන් රාශියක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙම වැඩසටහන සඳහා සහයෝගය දක්වයි. එනම් Aliya Resort & Spa; Cinnamon Resorts; Cinnamon Grand; Amaya Hotels; Walkers Tours; Jetwing Hotels; Taj Hotels Infinity Vacations; Aitken Spence Travels; Mahaweli Reach Hotel; සහ Teardrop Hotels ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.