තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමෙරිකානු සෙනෙට් සභිකයෝ පිරිසක් කථානායක හමුවෙති

    අමෙරිකානු සෙනෙට් සභිකයෝ පිරිසක් කථානායක හමුවෙති

    ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පසුගිය දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබේ.

    මෙම හමුව සඳහා USAID ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ (ශ්‍රී ලංකා සහ මාලදිවයින්) ගේබ්‍රියල් ෆර්නෑන්ඩෝ ග්‍රේව් මහතා සහ NDI ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා තුසිතා පිළපිටිය මහත්මියද සම්බන්ධ වූහ.

    මෙහිදී ඔවුහු පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය පිළිබඳව කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සමග සුහද සාකච්ඡාවක නිරත වූහ.

    මෙම පිරිස පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වී ඇති අතර එහිදී පාර්ලිමේන්තුවේ පිහිටීම, ඓතිහාසික වටිනාකම සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් මෙම පිරිසට පැහැදිලි කරන ලදි.

    ඉන් අනතුරුව මෙම පිරිස කථානායකවරයා සහ මහ ලේකම්වරයා සමග දිවා භෝජනයටද එක් වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img