තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිරුණිකා එක්ක තවත් 14ක් අත්අඩංගුවට අරන්

    හිරුණිකා එක්ක තවත් 14ක් අත්අඩංගුවට අරන්

    කුරුදුවත්ත පොලීසිය විසින් අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තවත් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළුව කාන්තාවන් 14 දෙනකු සහ එක් පිරිමියකු සිටී.

    පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක් නිදහස් කරන ලෙස බලකරමින් කුරුදුවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලීසිය පවසනුයේ නිදහස් චතුරශ්‍රයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බවය.

    අනතුරුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිත කාර්යාලය අසලට පැමිණ එතැනද විරෝධතාවක නිරත ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පදිංචිව සිටින පැජට් පාරේ නිල නිවස දෙසට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඒ දෙසට විරෝධතා කරුවන්ට ගමන් කිරීමට ඉඩ නොදී එය වැලැක්වූ බවය.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කුරුදුවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී ඇත්තේ ඉන් අනතුරුව බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img