fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට අයවැයෙන් ලැබෙන දේවල්

    හෙට අයවැයෙන් ලැබෙන දේවල්

    ලබන 2023 වසර සඳහා මුදල් ඇමැතිවරයා විසින් හෙට(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මගින් ආරක්ෂක වියදම් අඩුකොට ජනතාවගේ සමාජ ආරක්ෂණය සඳහා වන වියදම් ඉහල දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඒ අනුව 2023 වසරේ දී ආරක්ෂක වියදම් ලෙස රුපියල් බිලියන 410ක් වෙන්කර තිබෙන අතර සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 572ක් වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීය.

    මෙවර අයවැය ලේඛනය මගින් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 504ක් ද සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 432ක් වශයෙන් වෙන් කර ඇතැයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

    ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් රුපියල් බිලියන 7885ක් රාජ්‍ය වියදම් වශයෙන් වෙන්කර තිබෙන අතර එය 2022 වර්ෂයට වඩා 29.2%ක ඉහළ යාමක් බව ද රංජිත් සියඹලාපිටිය මහතා කීය.

    මෙවර අයවැයෙන් පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 2442ක් වෙන් කර තිබෙන අතර ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1221ක් බවද ඔහු සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ණය වාරික සහ පොලිය ගෙවීම සඳහා 2023 වසරේ දී රුපියල් බිලියන 4218ක් වෙන්කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.