fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොලිටි නැති ග්ලූකො මීටර් ටෙන්ඩරයට අත්සන් කරන්න බෑ කී ලොක්කිට මාරුවක්

    කොලිටි නැති ග්ලූකො මීටර් ටෙන්ඩරයට අත්සන් කරන්න බෑ කී ලොක්කිට මාරුවක්

    රුපියල් කෝටි 38ක් ගෙවා ප්‍රමිතියෙන් තොර ග්ලූකෝ මීටර් තොගයක් මිලදී ගැනීමේ ටෙන්ඩරයක ලියකියවිලිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් වෙනත් අංශයකට මාරු කර ඇතැයි වාර්තා වේ.

    නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සහ ප්‍රමිතියෙන් තොර ග්ලූකො මීටර් තොගයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිමුඩියේ කටයුතු කරන අතර අදාල නිලධාරිනිය එම ලියකියවිලිවලට අත්සන් නොකර අනුමැතිය ලබා නොදීම නිසා වෙනත් අංශයකට මාරු කර ඇතැයි ද ඒ වෙනුවට වෙනත් නිලධාරියකු අනුයුක්ත කර අවශ්‍ය ලේඛන අත්සන් කර ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

    සෞඛ්‍ය අංශයට අයත් ඉහළ නිලධාරීන් තිදෙනෙකු එක්ව මෙම දූෂිත ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන අතර ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහයක් හිමිවන බවද පැවසේ.

    විවෘත ටෙන්ඩරයක් මගින් ප්‍රමිතියෙන් තොර සහ සාධාරණ මිල ගණන් වලට ග්ලූකො මීටර් තොගයක් ලබන ජනවාරි මාසයේදී සැපයීමට එකඟතාවය පළ කර තිබියදී හදිසියේ වැඩි මිලකට ග්ලූකො මීටර් තොගයක් ලබා ගැනීමේ ගනුදෙනුව හරහා බරපතළ සැකයක් මතුව ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.