fbpx
තවත්
    මුල් පිටුවCOVIDචීනයේ කොවිඩ් වසංගත පාලනය දිගටම

    චීනයේ කොවිඩ් වසංගත පාලනය දිගටම

    කොවිඩ් වසංගත පාලන ප්‍රතිපත්ති ලිහිල් නොකරන බව චීනය පවසයි.

    චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ උසස් පෙළේ නිලධාරීන් පිරිසක් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) පැවැත්වූ රැස්වීමක දී මෙම තීරණය ගනු ලැබීය.

    දැනට රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව එහිදී දැඩි අවධානය යොමුවිය.  කොවිඩ් වසංගතය රටේ විවිධ ප්‍රදේශවලින් විටින් විට වාර්තා වේ. අධික ජනගහණයක් සිටින රටක් වශයෙන් චීනයේ වසංගත පාලනය කිසි ලෙසකින් ලිහිල් නොකළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණ. ජනතාවගේ ජීවිත ආරක්ෂාවට මුල් තැන දෙමින් වසංගත පාලනය උපරිමයෙන් පවත්වාගෙන යා යුතු ය.

    කොවිඩ් වසංගතය මැඩපැවැත්වීම දිගුකාලීන කාර්යයකි. මධ්‍යම රජයේ මඟපෙන්වීම් අනුව රටේ විවිධ මට්ටමේ රජයන් වසංගත පාලනය අකුරටම ඉටුකිරීමේ අවශ්‍යතාව එම රැස්වීමේ දී පෙන්වාදෙනු ලැබීය.

    වසංගත පාලනයට අදාළ ඉදිරි පියවර 20ක් ක්‍රියාවට නැංවිය යුතු ආකාරය ද එහිදී නියම කෙරිණ.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.