තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන 14 දා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

    ලබන 14 දා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

    ලබන වසරට අදාල අයවැය කථාව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

    එදිනට පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව කථානායකවරයා සභාවට දැනුම් දුනි.

    මේ අතර කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කෙරෙන බැවින් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දි අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සභාව දැනුම් දෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img