තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් දරුවන් කෲරත්වයට පත්කළ අත්අඩංගුවට ගත් විදුහල්පතිනියගේ වැඩ තහනම්

    පාසල් දරුවන් කෲරත්වයට පත්කළ අත්අඩංගුවට ගත් විදුහල්පතිනියගේ වැඩ තහනම්

    පාසල් සිසුන් කිහිපදෙනෙකුට අමානුෂික ලෙස පහර දී කෲරත්වයට පත් කළ බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බණ්ඩාරගම ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනියගේ වැඩතහනම් කර බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසීය.

    එම විදුහල්පතිනිය ඉකුත්දා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

    ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරාගත් බව කියන සිද්ධියකට විදුහල්පතිනිය එම සිසුන්ට පහරදී පොලිසියට භාරදී තිබිණ.

    එම සිසුන්ට පොලිස් නිලධාරීන් ද කෲර ලෙස පහර දී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉකුත් දා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img