තවත්
    මුල් පිටුවspecialදිනකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් කිලෝ ගණනින් ගිලදමන නිල් තල්මසුන්

    දිනකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් කිලෝ ගණනින් ගිලදමන නිල් තල්මසුන්

    නිල් තල් මසුන් කියන්නේ පෘථිවියේ ජීවත්වන විශාලත සත්වයයි. මේ සත්වයා කෙතරම් විශාලද කියනවා නම් දිනකට ගන්නා ආහාර ප්‍රමාණය ඇතැම් විට අපිට හිතා ගන්නවත් බැරි තරම්.

    ඒත් අද වෙනකොට නවතම සමීක්ෂණයකින් අනාවරණය වෙලා තියෙන්නේ ඉතා භයානක ලෙස මෙම නිල් තල් මසුන්ගේ දෛනික ආහාර ගැනීමත් සමග ක්ෂුද්‍ර ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්නා බවයි.

    ඒ අනුව පසුගිය සතියේදී පර්යේෂකයන් පිරිසක් විසින් සිය නවතම වාර්තාව මගින් අනාවරණය කරනු ලැබුවේ ඔවුන් මූලික වශයෙස් තල්මසුන් වර්ග තුනක් පාදක කරගෙන අදාල පරියේෂණය සිදුකළ බවයි.

    පර්යේෂකයින් පවසන අන්දමට නිල් තල්මසුන් දිනකට දළ වශයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි මිලියන 10 ක් හෝ ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 43.5 පමණ ගිල දැමිය හැකිය. මේ අතර පර්යේෂකයින් පවසන අන්දමට ඔවුන් නිරීක්ෂණය කළ අනෙකුත් තල්මසුන් වර්ග වලද සැලකිය යුතු ක්ෂුදූ ප්ලාස්ටික් ප්‍රමාණයක් සිය ආහාර සමග ශරීර ගත වන බව අනාවරණය කර ගෙන ඇත.න
    එමෙන්ම ෆින් තල්මසුන්ගේදැනට ගන්න බලා ඇති අන්දමට දෛනිකව මයික්‍රොප්ලාස්ටික් කැබලි මිලියන 6 ක් පමණ ශරීර ගත වේ, නැතහොත් ප්ලාස්ටික් රාත්තල් 57 ක් පමණ වේ.

    මෙම අධ්‍යනය සඳහා පර්යේෂකයින් නිල් තල්මසුන් 126 දෙනෙකුද ෆින් වර්ගයේ තල්මසුන් 29 දෙනෙකුද යොදාගෙන ඇති අතර එහිදී ඔවුන් අධ්‍යනය කළ දත්ත වලට අනුව මෙම තත්ත්වය ඉදිරියේදී දරුණු විය හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img