තවත්
    මුල් පිටුවදේශීය පුවත්තිලිණිගේ වංචා ගැන සංගීතා වීරරත්නගෙනුත් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

    තිලිණිගේ වංචා ගැන සංගීතා වීරරත්නගෙනුත් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

    තිලිණි ප්‍රියමාලි විසින් කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාලව ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (07) පැය 05 ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

    තිලිණි ප්‍රියමාලි සමඟ ඇයට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම ඇය සමඟ කර ඇති ගණුදෙනු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    තිලිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගණ ශිල්පිනියක් වූ සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ පැය 04ක් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන්කර ගත්තේය.

    තිලිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව තවත් ප්‍රවීණ හා නවක නිලියන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්නි කිරීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img