තවත්
    මුල් පිටුවදේශීය පුවත්තිලිණි ප්‍රියමාලි කට්ටඩියන් දෙදෙනෙකුගෙනුත් වැඩ අරන්

    තිලිණි ප්‍රියමාලි කට්ටඩියන් දෙදෙනෙකුගෙනුත් වැඩ අරන්

    තිලිණි ප්‍රියමාලි කට්ටඩියන් දෙදෙනෙකුගෙන් වැඩ අරගෙන ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 10ක් 15ක් අතර මුදලක් එම කට්ටඩි වැඩ සඳහා වැයකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය වී ඇත.

    මෙම තොරතුරු හෙළිවෙමින් ඇත්තේ තිලිණිගේ වංචාවට හසුවූ පුද්ගලයින්ගෙන් සහ තිලිණිගේ වංචාවට ආධාර හා අනුබල දුන්නේ යැයි කියමින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් හමුවේය.

    තිලිණි ප්‍රියමාලි විසින් කට්ටඩි වැඩ කරගෙන ඇත්තේ ළමා අපයෝජන චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් මැටරඹ සතරමහා දේවාලයේ කපුවා වන කීර්ති කුමාර බටේගොඩගෙන් සහ ගාල්ල බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ කපුවා ලෙස කටයුතු කරන දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යන දෙදෙනාගෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් ඇත.

    ඒ සම්බන්ධයෙන් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර කපුමහතා පවසන්නේ තමාගේ දේවාලයේ දියුණුව සඳහා යොදා ගැනීමට රුපියල් ලක්ෂ 350ක චෙක්පතක් නම් තමාට ලැබුණු බවය. එහෙත් එම චෙක්පත බැංකුවට ඉදිරිපත්කළ විට එය අගුරුවෙක්පතක් බවට පත්වූ බවත් එම ගිණුමේ තිබුණේ රුපියල් 35,000ක මුදලක් පමණක් බවත් ඔහු පවසයි. එම චෙක්පත තමා සතුව ඇතැයි ද ඔහු පවසයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img