තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලෝක කුසලානයට ගිය ධනුෂ්ක ගුණතිලක ලංකාවට අප කීර්තියක් ගෙනෙයි

    ලෝක කුසලානයට ගිය ධනුෂ්ක ගුණතිලක ලංකාවට අප කීර්තියක් ගෙනෙයි

    විස්සයි 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර චෝදනාවකට සිඩ්නි පොලිසියි විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එංගලන්තය සමඟ පැවැති තරගය ද පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක නොමැතිව ඊයේ සිය රට බලා පිටත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    සිඩ්නි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයක දී ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිදුවීමකට අදාළව ධනුෂ්ක ගුණතිලික මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට පොලිස් ඇප ලබා දීම සිඩ්නි පොලිිසියි විසින් ප්‍රතික්ෂේප කර ඇත.

    මෙම අතවරය සිදුවූ බව කියන රෝස් බේ ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් ද පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

    29 හැවිරිදි කාන්තාව පසුගිය සතියේ පොලිසියට කළ පැමිණිල්ලකින් පසු 31 හැවිරිදි ගුණතිලක මහතා ඉරිදා අලුයම 1 ට පමණ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අන්තර්ජාලය ඔස්සේ ඇතිකරගත් සබඳතාවක් දුරදිග යාමෙන් පසු හමුවී ඇති කාන්තාවට මෙසේ ධනුෂ්ක ගුණතිලක විසින් අතවර කළ බවට චෝදනා හතරක් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බව කියයි.

    මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා එරට රහස් පොලිස් ඒකකයන් ද ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇත්තේ සිඩ්නි CBD හි සසෙක්ස් වීදියේ හෝටලයකදී ය. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට ගෙන ගොස් තිබේ. ඔහු හෙට (සඳුදා) ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ධනුෂ්ක ගුණතිලක ආබාධයක් හේතුවෙන් මෙවර විස්සයි 20 සංචිතයට ඇතුළත් වුවද තරග කිරීමෙන් වැළකී සිටි අතර මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතෙක් නිල නිවේදනයක් ඉදිරිපත් කර නොමැත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img