තවත්
    මුල් පිටුවspecialද. කොරියාවේ ස්වාරක්ෂක කලාපයට උතුරු කොරියාවෙන් කාලතුවක්කු ප්‍රහාරයක්

    ද. කොරියාවේ ස්වාරක්ෂක කලාපයට උතුරු කොරියාවෙන් කාලතුවක්කු ප්‍රහාරයක්

    උතුරු හා දකුණු කොරියාව වෙන්වන ස්වාරක්ෂක කලාපයට උතුරු කොරියාවෙන් කාලතුවක්කු ප්‍රහාර මාලාවක් එල්ල වූ බව දකුණු කොරියාව පෙන්වා දී ඇත.

    ස්ටාර් ටයිම් පුවත් සේවය වාර්තා කරන අන්දමට දකුණු කොරියාවේ සෝල් හමුදා ප්‍රධානීන් ප්‍රහාරයක් එල්ල වූ බව තහවුරු කර තිබේ.

    පියොංයැන්ග් (Pyongyang) මෑතක සිදුවන දියත් කිරීම් න්‍යෂ්ටික අත්හදා බැලීමකින් අවසන් විය හැකි බවට සෝල් හා වොෂින්ටන් බලධාරීහු කර ඇති ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වූ බවට සැක පළ වේ.

    මෙම කාලතුවක්කු ප්‍රහාරය අතරවාරයේ අන්තර් මහාද්වීපික කෙටිදුර බැලැස්ටික් මිසයිල තුනක් ද අත්හදා බලා ඇතැයි ද දකුණු කොරියාව චෝදනා කරයි.

    දෙපාර්ශ්වය අතර ආතතීන් අවම කිරීමේ උත්සාහයක් ලෙස 2018 වර්ෂයේ දී ස්වාරක්ෂක කලාපය ස්ථාපිත කළ අතර මෙම ප්‍රහාරය එම ගිවිසුම “පැහැදිලි උල්ලංඝනයක්” බව සෝල්හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img