fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් මිලට වෙන දේ ඇමති කියයි

    තෙල් මිලට වෙන දේ ඇමති කියයි

    මෙම සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයන් විසින් ඇණවුම් ලබානොදීම ඉන්ධන පිරවුම්හල් සිඳීයාමට හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

    මෙරට ඉන්ධන ගෙන්වා බෙදාහරින්නන් වන CPC සහ LIOC දෙකටම ජාතික ඉන්ධන අවසරපත මගින් සහතික කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොග ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ඇණවුම් කරන ලෙස අලෙවි නියෝජිතයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.