fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රවණාබාධිත අයටත් රියදුරු බලපත්

    ශ්‍රවණාබාධිත අයටත් රියදුරු බලපත්

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ශ්‍රවණාබාධිතයන්ට රියදුරු බලපත්‍ර ලබාදීම ඉතා කෙටි කාලසීමාවක් තුළ සිදුකිරීමට රජය පියවර ගෙන තිබේ.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරන්නේ බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනය මඟින් රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීම මත මෙම පියවර ගත් බවයි.

    මේ සම්බන්ධව ශ්‍රවණාබාධිතයන් දැනුවත් කිරීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද(03) සිදු කෙරිණි.

    නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවාණාබාධිතයන් 50 දෙනෙකු සඳහා රියදුරු බලපත්‍ර ලබා දීමේ කටයුතු යොදා ඇත.

    අද (03) හා හෙට (04) දෙදින තුළ ගම්පහ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරනු ලබයි.

    එය සමත් වූවන්හට ලිඛිත පරීක්ෂනයක් සිදු කර ඔවුන් සඳහා විශේෂ වැඩමුළුවක් පොලිස් දෙපාර්තමේන්තුව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් සිදු කරනු ලබයි.

    නියමු ව්‍යාපෘති කාල සීමාව තුළදී ශ්‍රවණාබාධිතයින් පදවන මෝටර්රථ හා ත්‍රීරෝදරථවල ඔවුන් රියපදවන බව දැක්වීමට ඉදිරි හා පසු පස විශේෂ ලාංඡනයක් සහිත ස්ටිකරය හා ඉංග්‍රීසී L හැඩයේ ලාංඡනයක් සවිකිරීමට නියමිතය.

    යතුරුපැදි සඳහා L හැඩයේ ලාංඡනයක් ඉදිරිපස අංක තහඩුව හා පසු පස අංක තහඩුව අසල සවිකිරීමට නියමිතය.

    මෙම අවස්ථාවට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ශවේන්ද්‍ර ගමගේ, නියෝජ්‍ය පොලිස්පති (රථවාහන හා මාහාමාර්ග) ඉන්දික හපුගොඩ, බිහිරිවූවන්ගේ ජාතික සම්මේලනයේ නියෝජිතයන් හා ගම්පහ රාගම රෝහලේ ඇස කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රජයේ නිලධාරීන් ඇතලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.