තවත්
    මුල් පිටුවspecialවිරෝධතාවක් අතරතුර පාකිස්ථාන හිටපු අගැමතිට වෙඩි ප්‍රහාරයක්

    විරෝධතාවක් අතරතුර පාකිස්ථාන හිටපු අගැමතිට වෙඩි ප්‍රහාරයක්

    පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නැගෙනහිර වසිරාබාද් නගරයේ විරෝධතා පාගමනක් අතරතුර වෙඩි වැදී තුවාල ලබා තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට එම වෙඩි තැබීම පැහැදිලිවම ඝාතන තැතක් වන අතර ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් පැවසුවේ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති නමුත් කිසිඳු ජීවිත අහිමි වීමක් වාර්තා වී නොමැති බවයි.

    අදාල වෙඩි ප්‍රහාර ඉම්රාන් ඛාන්ගේ පාදයට වැඩි ඇති බවට වාර්තා වන අතර එයින් ඔහුට ජීවිත තර්ජනයක් ඇති කරන ආකාරයේ බලපෑමක් වී නොමැති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    70 හැවිරිදි වියේ පසුවන ඉම්රාන් ඛාන් පාකිස්ථාන අග්‍රමත්‍ය ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු එරට තුල කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පසුගිය කාලය පුරාම දැඩි විරෝධතා මාලාවක් සංවිධාණය කර තිබිණි.

    මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ “මෙය ඔහුව ඝාතනය කිරීමට ගත් උත්සාහයක්” යනුවෙනි.

    මේ අතර පකිස්ථානයේ ජියෝ ටීවී රූපවාහිනී නාලිකාවට අනුව පිරිමි සැකකරුවෙකු පසුව වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

    ඉම්රාන් ඛාන් බලයෙන් පහවුවද ඔහු වටා විශාල පිරිසක් එක්ව සිටින අතර ඔහු පසුගි කාලයේ පාකිස්ථානය පුරා දැවැන්ත මහජන රැලි සංවිධානය කරනු ලැබීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img