තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ මාසේ උද්ධමනය පහළ ගිහින්

    මේ මාසේ උද්ධමනය පහළ ගිහින්

    අඛණ්ඩව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබූ උද්ධමනය මේ මාසය වනවිට තරමක් පහත වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ඔක්‍තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සළකා බැලීමේදී මේ බව තහවුරු වේ.

    එහිදී වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මත මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2022 ඔක්තෝම්බර් මාසයේදී 66.0% ක් දක්වා පහත වැටී ඇත්තේ ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 69.8%ක්ව පැවති අගයයි.

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී තිබූ ආහාර උද්ධමනය 94.9%ක් ලෙසින් පැවති අතර එය මේ මාසය වනවිට 85.6%ක් දක්වා පහළ ගොස් තිබේ.

    ආහාර නොවන ඛාණ්ඩයේ භාණ්ඩ මිලද පසුගිය මාසයේ 57.6%ක්ව පැවතියේ ය. එය මේ මාසය වනවිට 56.3%ක් දක්වා අඩුවි තිබේ.

    ප්‍රවාහන සහ හෝටල් ක්ෂේත්‍රවලට උද්ධමනයේ අඩුවීමක් මේ මාසයේදී දක්නට හැකිවේ.

    කෙසේවෙතත් ඇඟලුම්, පාවහන්, මත්පැන්, දුම්කොළ නිෂ්පාදන, සන්නිවේදන, සංස්කෘතික අංශ ආදී ක්ෂේත්‍රවල උද්ධමනය ගිය මාසයට වඩා මේ මාසයේදී ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img