තවත්
    මුල් පිටුවspecialඊලොන් මස්ක් ට්විටර් සමාගමේ සේවකයින් බුරුතු පිටින් ගෙදර යවයි

    ඊලොන් මස්ක් ට්විටර් සමාගමේ සේවකයින් බුරුතු පිටින් ගෙදර යවයි

    ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මසක් විසින් ට්විටර් සමාගම අත්පත් කර ගැනීමත් සමඟම එහි සේවකයින්ගෙන් හතරෙන් එකක් ඉවත් කිරීමට තීරණය කර ඇතිබව වොෂින්ටන් පොස්ට් පුවත්පත වාර්තා කරයි.

    ඒ අනුව එක්සත් ජනපදයේ ප්‍රකට නීතිඥයෙකුගේ සහය යොදා ගෙන මස්ක් මෙම සේවක කප්පාදුව සිදුකිරීමට පියවරගෙන ඇති බවද එම පුවත්පත අනාවරණය කර තිබේ.

    ට්ව්ටර් සමාගමේ වර්ථාවන්ට අනුව 2021 වර්ෂය අවසනයට සමගමේ සේවකයින් 7000කට ආසන්න පිරිසක් සේවය කර ඇති අතර ඉන් 2000කට ආසන්න පිරිසක් මස්ක්ගේ නව පාලනය යටතේ ඉවත් කිරීමට නියමතිය.
    කෙසේ වෙතත් මෙම තීරණයන් සම්බන්ධයෙන් ට්විටර් සමාගම තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

    මසක් ට්විටර් සමාජ ජාල මාධ්‍ය ඉතා සක්‍රීයව භාවිතා කළ පුද්ගලයෙකු වන අතර ඔහු එය මතභේදාත්මක අවධි කිහිපයක් පසු කිරීමට පසුව ඉකුත් සතියේදී අත්පත් කරගත්තේය.

    මෙලෙස ට්විටර් සමාගම අත්පත් කර ගැනීමත් සමඟම මසක් විසින් ට්ව්ටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරියාව ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.

    එමෙන්ම මස්ක් විසින් දිගින් දිගටම පවසා සිටියේ තමන් විසින් පුද්ගලයින්ගේ නිදහසේ අදහස් දැක්වීමට ඇති අයිතිය ආරක්ෂා කරන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img