fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළමු හදවත් බද්ධය කළ විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමට දොරවසා ජාතික රෝහල ඉන්දීය...

    පළමු හදවත් බද්ධය කළ විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමට දොරවසා ජාතික රෝහල ඉන්දීය වෛදවරුන්ට දොරඅරියි

    කොළඹ ජාතික රෝහලේ පැවැත්වෙන මෙරට දෙවැනි හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා පළමු බද්ධ කිරීමේ අත්දැකීම් තිබෙන හෘදය හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ සේවය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි රෝහල් ආරංචි මාර් ග සඳහන් කරයි.

    හදවත බද්ධ කිරීමේ සැත්කමක් අවශ්‍යව සිටි වෛද්‍යවරයකු වෙනුවෙන්ම පැවැත්වෙන මෙම දෙවැනි සැත්කම සඳහා සිය කැමැත්තෙන්ම විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ ඉදිරිපත්ව සිටිය දී කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ඔහුගේ ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද එම ආරංචි මාර් ග සඳහන් කළේය.

    කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලෙන් ලැබෙන ආරංචි මාර් ග අනුව මෙම සැත්කම සඳහා අනිල් අබේවික්‍රම මහතා එක්වීම ප්‍රතික්ෂේප කළ වෛද්‍ය කණ්ඩායමම ඉන්දීය වෛද්‍යවරුන් ඊට එක්වනවාට කැමැත්ත පළ කර ඇත. ඒ් අනුව ඉන්දීය වෛද්‍යවරුන් ද මෙම දෙවැනි හදවත් සැත්කමට මෙරටට පැමිණ එක්ව ඇතැයි සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ පළමු හදවත් බද්ධය සිදුවූයේ 2017 ජුලි 07 මහනුවර රෝහලේ දී ය. හෘදය හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ නායකත්වය යටතේ මහනුවර රෝහලේ වෛද්‍ය හා හෙද හෙදි සෞඛ්‍ය කාර් ය මණ්ඩලය ඊට කැපවී කටයුතු කළහ. අදාළ හදවත බද්ධ කළ පුද්ගලයා අදටත් නිරෝගීව ජීවත් වෙයි.

    එසේ තිබිය දී වෛද්‍යවරයකු වෙනුවෙන්ම සිදුවන මෙවැනි හදවත් බද්ධ කිරීමේ සැත්කමකට මෙරට සිටින අත්දැකීම් බහුල වෛද්‍යවරයකුගේ සේවය ලබා නොගැනීම විමතියට කරුණක් බව නිවුස් වේව් වෙත අදහස් පළ කළ වෛද්‍යවරයෙක් පැවැසීය.

    මෙම සැත්කමට අදාළ අවශ්‍ය ශරීර අවයව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් මොළය මියගිය පුද්ගලයකු අද (31) බදුල්ල මහ රෝහලේ සිට ගුවනින් කොළඹ ජාතික රෝහල වෙත ගෙනවිත් තිබිණි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    2 Comments

    1. Please don’t publish information which you are not actually aware of …..

      The doctor receiving the heart requested Indian doctors for her surgery and she is bearing the whole expenditure for their tickets/lodging and etc by her self …

      No body is amazed about this as you mentioned and in fact how can a person who has done 2-3 cases of this magnitude can be considered as a “experienced person” as you mentioned??

      Indian team have done hundreds these …

    2. ඉන්දියානු වෙෙද්‍ය කණ්ඩායම වෙනුවෙන් හෝ ගුවන් ගමන් වෙනුවෙන් සතයක් වත් වැඩ කර නැත. ගුවන් හමුදාවට හෙල්කොප්ටරය වෙනුවෙන් ගෙවීම් කර ඇත.
      ඉන්දීය වෙෙද්‍යවරු තෝරාගැනීම හදවත් රෝගියාගෙන් පවුලේ තීරණයකි.

    ඔබේ අදහස් දක්වන්න.