තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හික්කඩුවේ වෙඩිතැබීමකින් පාතාලයේ 2ක් මරුට

    හික්කඩුවේ වෙඩිතැබීමකින් පාතාලයේ 2ක් මරුට

    ගාල්ල අධිකරණයේ විභාගවෙමින් පවතින මිනිස් ඝාතන නඩුවකට පෙනී සිටීමට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙක් වෙත මෙයට සුළු මොහොතකට පෙර යතුරු පැදියකින් හඹා ආ දෙදෙනෙක් විසින් ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනයකර තිබේ.

    වෙඩි වැදුණු ඔවුන් දෙදෙනා එතැනම මරුමුවට පත්ව ඇති බවත් වෙඩික්කරු වෙඩි තබා ඇත්තේ ඔවුන් දෙදෙනාගේ ඔලුවටම බවත් උසස් නිලධාරියෙක් කීය.

    හික්කඩුව තිරාණගමදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඝාතනය වූ පුද්ගලයින්ගෙන් එක් අයෙක් කටා රොෂාන් නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් ඇප මත සිටින අයෙක් බව පොලීසිය කියයි. අද අධිකරණයේ එම නඩුව විභාග වීමට නියමිතව තිබුණු බවත් ඔහු ගමන් කරමින් සිට ඇත්තේ එම නඩුවට පෙනී සිටීමට බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img