තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් නිලධාරියා යටකළ මැතිසබේ බස් රියදුරු පලාගිහින්

    පොලිස් නිලධාරියා යටකළ මැතිසබේ බස් රියදුරු පලාගිහින්

    නිල ඇදුමින් සැරසී පොලිස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වැලිවේරිය පොලීසියේ සැරයන්වරයෙකුව යටකර එම නිලධාරියාව මරා දමා බස් රථය අතහැර පළාගිය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ මල්වතුහිරිපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    ගම්පහ කිරිදිවැල මාර්ගයේ මල්කැලේ හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    ජා-ඇල පිහිටි හෝටලයක පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සාදයක් අවසන්ව කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් රැගෙන යමින් සිටි බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව මල්වතුහිරිපිටිය පොලීසිය සඳහන් කළේය.

    මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහ රිය සහයක හැරුණු කොට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 09 දෙනෙක් ගමන්කරමින් සිට ඇති බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. අනතුර සිදුවීමෙන් පසු අඩුම තරමින් පොලිස් නිලධාරියාව රෝහලට රැගෙන යන්නට තරම්වත් කාරුණික නොවූ ඔවුන් සියළු දෙනාම රියදුරු සමඟ පළාගොස් ඇති බව පොලීසිය කියයි.

    බස් රථය සමඟ ඉතිරිව ඇත්තේ රිය සහයක පමණකි.

    බස් රථයේ රියදුරු ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ පොල්ගහවෙල පදිංචිකරුවෙකි. පොලීසිය පවසන්නේ ඔහු බීමත්ව සිට ඇති බවට තොරතුරු විමර්ශනයේදී ලැබෙන බවය.

    අනතුරින් පසු ප්‍රදේශවාසීන් පොලිස් නිලධාරියාව ගම්පහ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ රැගෙන යන විටත් ඔහු සිට ඇත්තේ මිය ගොස් බව පොලීසිය සඳහන් කළේය.

    photo – File photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img