තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හූනියමක් කළා කියා සහෝදරියට මාංචු දමා පහරදුන් පොලිස් නිලධාරියා බිරිය එක්කම අත්අඩංගුවට

    හූනියමක් කළා කියා සහෝදරියට මාංචු දමා පහරදුන් පොලිස් නිලධාරියා බිරිය එක්කම අත්අඩංගුවට

    තමාට හූනියමක් කර ඇතැයි සිය සහෝදරියට චෝදනා කරමින් ඇයව සිය නිවසට ගෙන්වාගෙන මාංචු දමා සිරකරගෙන පහරදුන් කෑගල්ල පොලීසියේ සැරයන්වරයෙකුව ඔහුගේ බිරිද සමඟ මාවනැල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සිය දරුවාට අසනීප වී ඇති බැවින් ඔහුව බලා ගන්නට අයෙක් නැතැයි පවසා සහෝදරියව මාවනැල්ලේ පිහිටි නිවසට ගෙන්වාගෙන ඊයේ මෙම පහරදීම කර ඇත.

    සහෝදරිය මේ බව මාවනැල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ඒ ගැන පොලීසිය කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව පොලිස් සැරයන්වරයා සහ ඔහුගේ බිරිඳව අත්අඩංගුවට ගෙන තිබේ.

    සැරයන්වරයාගෙන් සහ ඔහුගේ බිරිදගෙන් පහරකෑමට ලක්වූ සහෝදරිය තුවාල ලබා මාවනැල්ල රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින්නීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img