තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිශාන්ත මුතුහෙට්ටිගම ඇමති කාලේ ඉඳන්ම පැදවූ හොර වාහනේ අල්ලයි

    නිශාන්ත මුතුහෙට්ටිගම ඇමති කාලේ ඉඳන්ම පැදවූ හොර වාහනේ අල්ලයි

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අයත් බව කියන කොටස් එකලස් කර ව්‍යාජ අංකයකින් ධාවනය කළ සුඛෝපභෝගී ජිප් රථයක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    එම ජිප් රථය ධාවනය වෙමින් තිබුණේ පොලිස් නිලධාරියෙක් සමගිනි. ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරියෙක් වන ඔහු මුතුහෙට්ටිගම මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින අයෙකි.

    මුතුහෙට්ටිගම මහතා මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද නොවන පසුබිමක ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් යොදවා තිබීම ගැන මේ වන විට ගැටළු සහගත තත්ත්වයක් මතුවී තිබේ.

    ඒ ගැන කළ සොයා බැලීමකදී හිටපු අමාත්‍යවරයා පවසා ඇත්තේ තමා මුදල් ගෙවා පොලීසියෙන් එම ආරක්ෂක නිලධාරියාව ලබාගෙන ඇති බවය.

    මේ ගැන උසස් පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ ඒ ගැන යම් විමර්ශණයක් සිදුකළ යුතුව ඇති බවය.

    නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අයත් බව කියන මෙම ජිප් රථයට අදාල කිසිදු ලියැවිල්ලක් තිබී නැති අතර ජීප් රථයේ ප්‍රදර්ශනය කරමින් තිබුණු අංකය පවා මෝටර් රථ අංකයක් බව පෙනී ගොස් ඇත.

    වැඩිදුර විමර්ශන සඳහා ජිප් රථය සමඟ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාව ගාල්ල පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img