තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ද.කොරියාවේ හැලොවීන් සැමරුමේදී ශ්‍රී ලාංකිකයකු මරුට - තවත් ඇත්දැයි සොයයි

    ද.කොරියාවේ හැලොවීන් සැමරුමේදී ශ්‍රී ලාංකිකයකු මරුට – තවත් ඇත්දැයි සොයයි

    දකුණු කොරියාවේ සෝල් නුවර හැලොවීන් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව තහවුරු කරයි.

    මහනුවර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇත.

    තවත් ශ්‍රී ලාංකිකයන් මිය ගොස් හෝ තුවාල ලබා ඇත්දැයි සොයා බැලීම සඳහා සෝල් නුවර පොලිසියට සහ රෝහල් වෙත නියෝජිතයන් යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයාබලන බව අමාත්‍යවරයා කියාසිටී.

    දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් ඉරිදා ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ හැලොවීන් සාදයේ තෙරපීමෙන් සෝල් හිදී පුද්ගලයන් 151 දෙනෙකු පමණ මිය යාමෙන් පසුවය.

    ඉන් 19ක් විදේශිකයින් බවට හඳුනාගෙන ඇත.

    වින්දිතයන්, වැඩි වශයෙන් නව යොවුන් වියේ පසුවන්නන් සහ 20 ගණන්වල පසුවන්නන් ය.

    “මෙය ඇත්තෙන්ම ඛේදනීයයි,” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. “සිදු නොවිය යුතු ඛේදවාචකයක් සහ ව්‍යසනයක් ඊයේ රාත්‍රියේ සෝල් නගරයේ සිදු විය.”

    පටු මාවතක දැවැන්ත ජනකායක් රොක්වී මෙම හැලොවීන් සැමරුම පවත්වා තිබුණි.

    සබැඳි පුවත් සෝල් නුවර හැලොවින් සැමරුමේදී මියගිය 151 අතර ව්දේශිකයන් 19ක්

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img